දෙහිවලින් මුහුදු ගිය බෝට්ටුවක් අතුරුදන්

Report
1Shares

දෙහිවල ප්‍රදේශයෙන් මුහුදු ගිය බෝට්ටුවක් අතුරුදන් වී තිබේ.

ධීවරයින් 03 දෙනෙකු ධීවර කටයුතු සඳහා මෙම බෝට්ටුවෙන් මුහුදු ගොස් ඇති බව පැවසේ.

එහි සිටි එක් ධීවරයෙක් දිවි බේරාගෙන ඇති අතර අතුරුදන් වූ තවත් ධීවරයෙකුගේ මළසිරුර මේ වනවිට සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

ඊයේ(22) අලුයම 5ට පමණ මෙම ධීවර බෝට්ටුව දෙහිවල එයාර් ලයින් පාරේ මුහුදු තීරයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව තිබේ.