එල්ලා මරා සමාජය “සුද්ද කරන්න” සැලසුම් කරන්නේ ෆැසිස්ට් වාදීන්: බාහු | VIDEO

Report
5Shares

අපරාධ සම්බන්ධ චෝදනා වලට වැරදිකරුවන් බවට පත්වූ පුද්ගලයන් සමාජයෙන් ඉවත් කිරීම සඳහා එල්ලා මැරීම වෙනුවෙන් යන ගමන ෆැසිස්ට් වාදයෙන් කෙලවර විය හැකි බවට වාමාංශික නායකයෙක් අනතුරු අඟවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හතර දෙනකුගේ මරණ දඬුවමට මේ වනවිට අනුමැතිය දී ඇතත් එම මාරාන්තික තීන්දුව ක්‍රියාත්මක කිරීම අධිකරණය විසින් අත්හිටුවා තිබේ.

අපරාධකරුවන් වෙනස් මානසික තත්වයක් සහිත වුවන් ලෙස සලකා සමාජයෙන් “සුද්ද කිරීම” හිට්ලර් විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ගයක් බව නවසමසමාජ පක්ෂ නායකයා පවසයි.

“මේ එල්ලුම් ගස තිබිය යුතුයි කියන අයගේ හිතේ තියෙන මේ ෆැසිස්ට්වාදී චින්තනයකට ගමන් කිරීමේ හැකියාව අපි අමතක නොකළ යුතුයි,” යනුවෙන් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියා සිටියේ ගගන සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

එම ඝෝෂාවන් අවසානයේ සුළුතර ආගමිකයන් සමාජයෙන් ඉවත් කිරීමේ ක්‍රියාමාර්ගයක් දෙසට නැඹුරු වීමේ අවදානම ගැන ඔහු දැඩි ලෙස අනතුරු අඟවා සිටියේය.

මරණ දඬුවමට අහෝසි කිරීම සඳහා යෝජනාවක් බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එය හෙලා දැක ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරකයන් ආරක්ෂා කිරීමේ අරමුණින් කරන ලද්දක් ලෙස හඳුන්වමිනි.