කොළඹ කුණුවන තරමටම කුණු ප්‍රශ්නය දරුණු වෙයි

Report
45Shares

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් පසුගිය 05 වැනිදා සිට වත්තල-කෙරවළපිටිය කසල අංගනයට කසළ බැහැර කිරීම නතර කිරීමත් සමඟ කොළඹ මහා නගර සභා බල ප්‍රදේශය තුළ එක්රැස්වූ කසළ ඉවත් කිරීම මේ වනවිට බරපතල අර්බුදයක් බවට පත්ව තිබේ.

එම අර්බුදය පිළිබඳ සොයා ගිය අප "ගගන" මාධ්‍යවේදීන්ගේ කැමරාවට හසු කර ගැනීමට හැකි වූයේ කොළඹ නගරයේ තැන තැන ගොඩගැසී තිබූ කසළ ගොඩවල්ය.

ඊයේ රාත්‍රියේ ප්‍රදේශයට ඇදහැළුණු වර්ෂාවත් සමඟ මේ වනවිට ඒවායෙන් දැඩි දුර්ගන්ධයක්ද පැතිර යමින් පවතින බව අප වාර්තාකරුවන් පැවසීය.

කෙසේ නමුත් කොළඹ මහනගරසභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පැවසුවේ අද දින සිට කොළඹ මහනගර සභා සීමාවේ එක්රැස්වන කසළ පුත්තලම අරුවක්කාලු කසල අංගනයට රැගෙන යාමට කටයුතු කරන නමුත් දැනට කොළඹ නගරයේ එක්රැස්වී ඇති කසළ ඉවත්කිරීම අද දිනය තුළ අවසන් කිරීමට නොහැකිවනු ඇති බවයි.

කෙසේ නමුත් අප වාර්තාකරුවන් සඳහන් කළේ නගරයේ බොහෝ ස්ථානවල කැළි කසළ ගොඩ ගැසීම සම්බන්ධයෙන් එහි අවට ජීවත් වන මිනිසුන්ද විවිධ වූ මැසිවිලි නගන බවයි.

වීඩියෝව පහතින්..