ලක්ෂ හයක ගංජා සමඟ 04ක් කොටු

Report
4Shares

වැල්ලවාය රක්ෂිතයේ මහා පරිමානයෙන් අක්කර තුනක වගා කර තිබු ගංජා හෙන් හතරක් වටලා රුපියල් ලක්ෂ හයක් වටිනා කංසා තොගයක් සමගින් සැකකරුවන් 04 දෙනෙකු මොනරාගල සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

සුරාබදු නිලධාරින් වල් අලින්ගෙන් බේරී, මරුවැල්, බොරුවලවල් මග හැර ගොස් ඉතා සූක්ෂම අයුරින් ගංජා හේන් හතර කොටු කරගත් බව මොනරාගල සුරාබදු ස්ථානාධිපති සුනිල් පී.ආරච්චි මහතා පවසයි.

සැකකරුවන් ගංජා වගාව සඳහා ළිං මාර්ගයෙන් ජලය ලබාගෙන අතැයිද සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙලිවී තිබේ.

වගා කල ගංජා කපා වියලා කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට ඉතා රහසිගතව අලෙවි කරන බවද ප්‍රශ්න කිරීමේදි හෙළිවී තිබේ.

අඩි පහක් හයක් පමණ උසට සරුවට වැඩී තිබූ ගංජා ගස් සියල්ල කපා ගිනිතබා විනාස කොට ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් වරයා සැකකරුවන් හතර දෙනාට රුපියල් 22500/- දඩ මුදලක් ගෙවන ලෙස නියම කරන කොට ඇත.

ඌව පලාත භාර සහකාර සුරාබදු කොමසාරින් ඒ.බී අබේකොන් මහතාගේ උපදෙස් මත, මොනරාගල සුරාබදු ස්ථානාධිපති සුනිල් පී.ආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ, පරීක්ෂක වරුන්වන තුෂාර ප්‍රියංග ගමගේ, කේ,කේ .උදය කුමාර, එම්.එම්.වසන්ත කුමාර, නියාමක වරුන් වන දසනායක, දිසානායක, ලක්මාල්, බංඩාර, වීරසිංහ, ජීවන්ත, පීරිස්, රියදුරු ඩයස්, හෙන්නායක යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.