පෞද්ගලික බස්රථ සේවකයින්ට නව නිල ඇඳුමක්

Report
5Shares

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවනය වන බස්රථවල රියදුරු හා කොන්දොස්තර මහතුන්ට නිල ඇඳුමක් ලබා දී තිබුනද එම නිල ඇඳුම පැළඳීම සිදු කරනුයේ කිහිප දෙනෙකු බවත් එසේ එය පැළදීමට අකමැති වන්නේ එම නිල ඇඳුම Jacket එකක් අයුරින් සැකසී ඇති නිසාවෙන් බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති නුවන් වනිගරත්න මහතා පැවසීය.

"ගගන" මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එම නිල ඇඳුම වෙනුවට කමිසයක් හඳුන්වා දීම සුදුසු යැයි අදහසක්ව පවතින බව ඔහු මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.


වීඩියෝව පහතින්..