“රට ගිනි තියන වැඩවලට” ඉඩ දෙන බවට රජයට දොස් | VIDEO

Report
5Shares

සුළුතර ආගමිකයන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන අපරාධ කරුවන්ට එරෙහිව පියවර නොගෙන භික්ෂුන් ප්‍රමුඛ බෞද්ධ අන්තවාදීන්ට නිදහසේ කටයුතු කරගෙන යාමට අවසර දී සිටින බවට ආණ්ඩුවත් පොලිසියත් දෝෂ දර්ශනයට ලක්ව සිටී.

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් වැඩිම පිරිසක් මරුමුවට පත්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට යන මාර්ගයේ පිහිටි ශාන්තුවර ප්‍රතිමාවකට ගල් ගසා අලාභහානි කළ අය අත් අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කලකිරීමෙන් පසුවන මීගමුව පුරවැසි එකතුව කියා සිටියේ රජය එමගින් “රට ගිනි තියන වැඩවලට” අනුබල දෙන බවයි.

ප්‍රහාරය සිදුවූ ආකාරය පිළිබඳ පැහැදිලි සාක්ෂි වසං කරන බවට එම සංවිධානයේ නායකයෝ මාධ්‍යවේදීන් හමුවේ චෝදනා කළහ.

සමාජ ක්‍රියාධරයකු වන ටයිටස් ප්‍රනාන්දු තදින්ම කියා සිටියේ ශාන්ත සෙබස්තියන් මුනිවර ප්‍රතිමාවට හානි කිරීම පටිගත කෙරුනු CCTV දර්ශන පොලිසිය කඩිනම් පියවර නොගැනීම යුක්තිය ඉටු වීමට බාධාවක් බවයි.

“ඔයාල මේවා තියාගෙන ඇයි සැබෑ වගකිවයුත්තන්ව එලියට දාන්නේ නැත්තේ?” යි මීගමුව පුරවැසි එකතුවේ සම කැඳවුම්කාර හර්මන් කුමාර බලධාරීන්ට ප්‍රශ්නයක් යොමු කළේය.

ප්‍රහාරයෙන් කෝපයට පත්ව විරෝධය දැක්වීමට එක්වූ ප්‍රදේශවාසීන් මුණගැසී යුක්තිය ඉටුවීම සහතික කිරීමට කොළඹ අගරගුරු මැල්කම් රංජිත් කාදිනල් තැන එදිනම කටුවාපිටියට ගොස් සිටියේය.

මාධ්‍ය හමුවට එක්ව සිටි මීගමුව පුරවැසි එකතුවේ සම කැඳවුම්කරු ප්‍රසංග ප්‍රනාන්දු කියා සිටියේ පාස්කු ඉරිදායින් පසුව දියත් කෙරුනු මුස්ලිම් විරෝධී ප්‍රහාර නිසා ප්‍රදේශවාසී මුස්ලිම්වරුන් බියෙන් පසුවන බවයි.