කේරළ ගංජා කිලෝ 83.9ක් සොයා ගනියි

Report
1Shares

යාපනය, කීරමලේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව ඇත.

නාවික හමුදාව විසින් ඊයේ(12) අලුයම මෙම සෝදිසි කිරීම සිදු කර තිබුනි.

ඒ අනුව, උතුරු නාවික විධානය කීරමලේ ප්‍රදේශය ආශිත වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී සැක කටයුතු පාර්සල් කිහිපයක් නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී එම පාර්සල් පරික්‍ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 83.9 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

එහිදි සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන ඇත.

තවද, මෙම කේරළ ගංජා ‍තොගය මුහුදු මඟින් මෙරටට රැ‍ගෙන එන්නට ඇතැයි සැක කෙරෙන අතර, නාවික හමුදා බාරයට ගත් කේරළ ගංජා තොගය සැක කරුවන් ඉදිරි විමර්ශන කටයුතු සදහා යාපනය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දීමට කටයුතු කරන ලදි.