දෙපිරිසක් අතර ගැටුමකින් තරුණ‍යින් දෙදෙනෙකුට තුවාල

Report
1Shares

වවුනියාව, කුමරුමන්කාඩුව ප්‍රදේශයේ ඊයේ (12) පස්වරුවේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණ‍යින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

බහින් බස්වීමක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති බව වාර්තා වෙයි.

පොලීසිය පැවසූවේ ගැටුමට සම්බන්ධ තරුණයින් හත් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස 20ත්-30ත් අතර පසුවන පිරිසක් වන බව පොලීසිය කීය.

තුවාලකරුවන් දෙදෙනා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති අතර තුවාලකරුවන්ගේ තත්ත්වය තරමක් බරපතල බව ‍පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩු හා පිහි යොදා ගනිමින් ගැටුමට සම්බන්ධවී ඇති බව පැවසේ.

සැකකරුවන් අද (13) දින වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.