කේරළ ගංජා කිලෝ 39.32ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Reportනාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ(12) දින යාපනය, පණ්ඩතිරිප්පු ප්රදේශයේ සිදු කළ වැටලීමකදි කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව, උතුරු නාවික විධානය සහ ඉල්ලවාලෙයි, පොලීසිය එක්ව පණ්ඩතිරිප්පු ප්රදේශයේ සිදු කළ වැටලිමකදී නිවසක් තුල සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 39.32 ක් සොයා ගෙන ඇති අතර, එහිදි නිවසේ සිටි සැක කටයුතු පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 27 වන වියෙහි පසුවන එම ප්රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා ප්රමාණය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු ඉල්ලවාලෙයි, පොලීසිය විසින් සිදුකරනු ලබයි.