ලොරියක් හැමිල්ටන් ඇලට පෙරළීමෙන් අනතුරට
Reportනාත්තන්ඩිය, දන්කොටුව මාර්ගයේ වාහන තුනක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා ප්රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. කුඩා ප්රමාණයේ ලොරි රථ දෙකක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් එක් ලොරියක් හැමිල්ටන් ඇලට පෙරළී තිබේ. දංකොටුව දෙස සිට නාත්තන්ඩිය දෙසට පැමිණ ඇති යතුරු පැදියක් එක් වරම මාර්ගයේ ආපසු හැරවීමට උත්සාහ කර ඇති බවත් එම අවස්ථාවේදී දංකොටුව දෙස සිට පැමිණ ඇති කුඩා ප්රමාණයේ ලොරියක යතුරු පැදිය ගැටී ඇති බවත් ඒ සමගම නාත්තන්ඩිය දෙස සිට පැමිණ ඇති ලොරියක්ද දංකොටුව දෙස සිට පැමිණි ලොරියේ ගැටී පසුව එක් ලොරියක් හැමිල්ටන් ඇලට මෙසේ පෙරළී ගොස් තිබේ.
ඊයේ(12) දින මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
මාරවිල පොලීසිය සඳහන් කළේ අනතුරින් තුවාල ලබා ඇත්තේ යතුරු පැදියේ ගමන් කරමින් සිටි අය බවයි.
අනතුරට සම්බන්ධ ලොරි රථ දෙකෙහිම රියදුරන්ව මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මාරවිල පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.