එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් අදත්
Reportඑක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද(13) දින කොළඹදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. අදාළ සාකච්ඡාව රාත්‍රී 7ට පෞද්ගලික හෝටලයකදී පැවැත්වෙන බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී පුළුල් ලෙස අවධානයට යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් වාර්තා වේ.