පසුගිය මාසවල වැඩිපුර ප්‍රමාණයක් මියගියේ අධික වේගය නිසා

Report
4Shares

යුද්ධය පැවති කාලයේ වාර්ෂිකව මිය ගිය සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් මේ වන විට රිය අනතුරු හේතුවෙන් වර්ෂයට මිය යන සංඛ්‍යාව ලෙස වැඩි වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.

"ගගන" මාධ්‍ය සාකච්ඡාවක් හා එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

රිය අනතුරු හේතුවෙන් වර්ෂයට මිය යන සංඛ්‍යාව වැඩිවීම සම්බන්ධයෙන් විශේෂයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව සඳහන් කළ ඒ මහතා කියා සිටියේ වැඩිපුර සිදු වූ රිය අනතුරු වලදී අධික වේගය, බීමත්කම, නොසැලකිල්ල යනාදිය සම්බන්ධයෙන් අවධානයට ලක්ව ඇති බවයි.

එසේම රියදුරුගේ අතින් සිදුවන අනතුරුවලට බලපාන කාරණා විදිහට ප්‍රධාන වැරදි 6ක් හඳුනාගෙන ඇති බවත් ඒ අතර රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීමත්, බීමත්ව රිය පැදවීම වැනි කාරණාත් ඇතුලත් වන බව හෙතෙම අවධාරණය කළේය.

මෙහිදී අදහස් දක්වමින් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කලේ පසුගිය මාසවලදී සිදුවූ රිය අනතුරු වලදී අධික වේගය නිසා වැඩිපුර ප්‍රමාණයක් මියගොස් ඇති බවයි.

වීඩියෝව පහතින්..