සිව්වන රන්දෝලි පෙරහැර වීදි සංචාරය අද රාත්‍රියේ

Report
1Shares

මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ සිව්වන රන්දෝලි පෙරහැර අද(13) රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතව ඇත.

අද රාත්‍රී 7.38 ට යෙදෙන සුබ මොහොතින් ආරම්භ කෙරෙන පෙරහැර දළඳා වීදිය, යටිනුවර වීදිය, හරස් වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ පැමිණ ඉන් රජ වීදියට හැරී ඉහළට පැමිණ ගෙවැදීමෙන් අවසන් කිරීමට නියමිතයි.

ඇසළ පෙරහැර මංගල්‍යෙය් තෙවැනි රන්දෝලි පෙරහැර ඊයේ(12) රාත්‍රී විදි සංචාරය කළේය. ඊයේ රාත්‍රී 7.10ට යෙදුණු සුබ මොහොතින් පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ කෙරුණි.