මුහුදේ ගිලෙමින් සිටි විදේශිකයින් දෙදෙනෙකු බේරා ගනී

Report
1Shares

නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) විසින් ඊයේ(12) දින දෙවුන්දර, තලල්ල මුහුදේ ගිලෙමින් සිටි විදේශිය ජාතිකයින් දෙදෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් වී ඇත.

විනෝද චාරිකාවක් සඳහා පැමිණ සිටි ‍විදේශිය ජාතිකයින් පිරිසක් දෙවුන්දර, තලල්ල මුහුදේ දිය නාමින් සිටියදී එම පිරිස අතර සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සැඩ පහරට හසුවී දියේ ගසාගෙන ගොස් ඇත.

එහිදී දෙවුන්දර දෙවාලයේ මංගල්‍යට සහභාගිවන බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් යොදවා සිටි නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය විසින් කඩිනමින් ක්‍රියාත්මකවී එම පුද්ගලයින් නිරුපද්‍රිත ලෙස බේරා ගෙන ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

මෙසේ ‍බේරා ගනු ලැබු පුද්ගලයින් වයස අවුරුදු 28 සහ 47 වන වියෙහි පසුවන රුසියානු ජාතික පුද්ගලයින් බව හඳුනාගෙන ඇත.