පෙරහැර සමයේ තුන් ලක්ෂයක මත්ද්‍රව්‍ය තොගයක් කොටු

Report
5Shares

මහනුවර ඇසළ පෙරහැර සමයේ කළ සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් තුන් ලක්ෂයක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 29 දෙනෙකු මහනුවර සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ විදේශීය මත්පැන් ලිටර් 80ක් ,රජයේ අරක්කු ලීටර් 22.500 ක්, හෙරොයින් මිලි ග්‍රෑම් 1500 ක් හා ‘‘කේල්‘‘ නැමැති මත් දුම්කොල තිබූ බව මහනුවර සුරාබදු ස්ථානාධිපති නිමල් කරුණාරත්න මහතා පවසයි.

පෙරහැර සමයේ සුරාසැල් වසා තිබෙන බැවින් අදාල කාලසීමාව තුල පෙරහැර නැරඹීමට එන බැතිමතුන්ට වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමේ යෙදී නිරත වී සිටියදී මත් ජාවාරම්කරුවන් කොටු කර ගැනීමට සුරාබදු නිලධාරින් සමත්වී ඇත.

පසුගිය 05 වැනිදින සිට 12 වැනිදින දක්වා වූ කාලය තුලදී අත්අඩංගුවට ගත් අය අතර ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කල අයද සිටින බව නිමල් කරුණාරත්න මහතා පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්වගෙන් හෙරොයින් ජාවාරමේ යෙදුන සැකකරුවන් හතර දෙනා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් වරයා සැකකරුවනට රුපියල් 55000/දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට ඇත.

ඉතිරි සැකකරුවන් 25 දෙනා ඉදිරියේදී මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට දඩුවම් පැමිණ වීමට නියමිතය.

මධ්‍යම පලාත් සහකාර සුරාබදු කොමසාරිස් ශාන්ත දේව මහතාගේ උපදෙස් මත, මහනුවර සුරාබදු අධිකාරී ශාමන් රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ, මහනුවර සුරාබදු ස්ථානාධිපති නිමල් කරුණාරත්න මහතාගේ මෙහෙයවීම මත ප්‍රධාන සුරාබදු පරික්ෂක සුමිත් හේරත්, පරික්ෂකවරුන්වන ඊ.එස් .ඩි.එස් .අමරසේන, ඒ.ඒ.එම් .කේ .විජේවික්‍රම, ඩී.එස් .අලවත්තේගම, ලයනල් ගුණතිලක, සැරයන් අබේවික්‍රම, කාන්තා නියාමිකා රත්නායක, නියාමකවරුන්වන බන්ඩාර, ගුණසේකර, සමරසේකර, අබේකෝන්, හෙරත්, කරුණාතිලක, බන්ඩාර යන මහත්වරු මෙම වැටලීම් සිදු කළහ.