‘‘ඊ මෝටින් ව්‍යාපෘතිය‘‘ තුළින් හොර වාහන ජාවාරමට තිත

Report
1Shares

වාහනයක් ආනයනය කර ලියාපදිංචි කිරීමේදී සිදුවන අක්‍රමිකතා වලක්වා ගැනීම සඳහා ලබන ජනවාරී පළමු වැනිදා (2020-01-01) සිට ‘‘ඊ මෝටින් ව්‍යාපෘතිය‘‘ ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.

ඊමෝටින් ව්‍යාපෘතිය තුලින් සිදු කෙරෙනුයේ වාහනයක් ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියේ සිට මහපාරේ ධාවනයට එක් කරන අවස්ථාව දක්වා සිදුවන කාර්ය භාරයන් අන්තර් ජාලය හරහා සිදු කිරීමයි.

මෙම ව්‍යාපෘතිය වසර හත අටකට පෙර හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වරුගේ සංකල්පයක ප්‍රථිපලයකි.

"එවකට හිටපු රාජ්‍ය නායකයෝ පවා මේ ක්‍රමවේදයට කැමත්ත පලකර තිබුණා. නමුත් ක්‍රියාත්මක වුනේ නැහැ. නමුත් වර්තමාන රජය මෙම ඊමෝටිං ක්‍රමවේදයට කැමැත්ත පලකර තිබෙනවා. ඒ අනුව ඊමෝටින් ව්‍යාපෘතියේ කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතිනවා.

මෙම ක්‍රමවේදය තුලින් වාහනයක් පිටරටින් ගෙන්වා ගත් තැන සිට මහපාරේ ධාවනයට එක් කරන අවස්ථාව දක්වා වු කාර්ය භාරයන් සියල්ල එකට සම්බන්ධ කර විද්‍යුත් තාක්ෂණය භාවිතා කරමින් එකම වහලක් යටින් සියළු සේවාවන් ලබාදීමයි. වාහනයක් ආයනයනයකර වරායෙන් එළියට එද්දී ස්වයංක්‍රීය කැමරා පද්ධතියක් ඔස්සේ එහි තොරතුරු ලබාගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ දත්ත පද්ධතියට තොරතුරු ඇතුළත් වෙනවා.

මෙහි දෙවැනි පියවර වන්නේ මෙම වාහනය පුද්ගලයකු නමින් ලියා පදිංචි කිරීමයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව තුලින් සිදු කෙරෙනුයේ පුද්ගල ලියාපදිංචිය මෙම කාර්යාලයේදී වෙන්න පුළුවන්, එසේත් නැත්නම් ඔන්ලයින් ඔස්සේ සිදු කල හැකියි. මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියට පැමිණ ලියාපදිංචිය ලබා ගත හැකියි.

මෙම ක්‍රමවේදය යටතේ වාහනයක් ගෙන්වු අයෙකුට ජීව දත්ත ලබා ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවට ඒමට අවශ්‍ය වන්නේ එක් වතාවක් පමණකි. එසේ ඒමට සිදු වන්නේද ඇගිලි සලකුණු, ඇස්වල ඡායා ලබාගැනීම සඳහායි. ඊට පසු පිනෑස් පහසුකම්, බැංකු පහසුකම්, රක්ෂණ පහසුකම්, රේගුවෙන් නිදහස් කර ගැනීමේ හා පින් නොම්මර යන සියල්ල එකම ස්ථානයකින් ලබා ගැනීමට හැකිවෙයි.

මෙම ක්‍රමවේදය හරහා වාහනය මොනිට කරන්න, වාහනය සම්බන්ධයෙන් රාජකාරි කටයුතු කරන්න, අයිතිකරුට තම ජංගම දුරකථනය ඔස්සේ හුවමාරු කරගන්න හැකි සියළු පහසුකම් සැලසෙනු ඇත. මුහුණට මුහුණ මුණ ගැසී බොහෝ සේ දුෂිත ක්‍රියාමාර්ග සිදු කර ගත හැකි බැවින් එය අවම කරන්න ඊමෝටින් ව්‍යාපෘතිය වැඩි දියුණු කරන්න කටයුතු කරනු ඇත.

මේ තුලින් පුද්ගලයා මුණ ගැසීම සීමා වෙන අතර අන්තර්ජාල පහසුකම් හරහා පමණයි වාහන ලියාපදිංචි ක්‍රියාවලිය සිදු වන්නේ. මෙම ක්‍රියාවලිය හරහා බොහෝ සේ වාහන ගෙන්වීමේදී ලියාපදිංචි කිරීමේදි සිදුවන අක්‍රමිකතා අවම කර ගත හැකි බව"ද ජගත් චන්ද්‍රසිරි මහතා පැවසුවේය.