රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියයයි

Report
1Shares

දඹුල්ල-කුරුණෑගල මාර්ගයේ පොල්ගොල්ල පිරිවෙන අසල දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත. පොලීසිය සඳහන් කළේ මාර්ගය හරහා ගමන් ගනිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු වෑන් රථයක ගැටී අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනා ගොකරැල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති අතර 63 හැවිරිදි සහ 87 හැවිරිදි පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස මියගොස් තිබේ. එසේම අනතුර සිදුකළ වෑන් රථ රියදුරු පළායමින් සිටියදී ගොකරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.