රාජිතගේ 41 වන විවාහ සංවත්සරය

Report
3Shares

මතුගම වෑත්තෑව දිසා රෝහලේ බාහිර රෝගි අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය ඇතුලු වාට්ටු සංකිරණය හා සායන ගොඩනැගිලි ජනතා අයතියට පත්කිරිමේ උත්සවය පසුගියදා අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් පැවතුණා.

අමාත්‍යවරයා පැවසුවේ, ඖෂධ හිඟ බවට චෝදනා කරන කිසිඳු වෛද්‍ය සංගමයක්, ඖෂධ මිල අධික වීම හෝ ඖෂධ ලබා නොදෙන කාලයේ ඒ පිළිබද කථා නොකළ බවයි.

එහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසුවේ, වර්තමානයේ ඖෂධ සංගම් වලට රෝගින් සුරාකෑමේ අවස්ථාවද තමන් නවතා ඇති බවයි.

මේ වන විට ඖෂධ වර්ග 73 ක මිල අඩුකර තිබෙන බවත්, කුමන බාධක ආවත් තවත් ඖෂධ රැසක මිල ඉදිරියේදි අඩුකරන බවත් අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් අවධාරණය කළා.

පිළිකා රෝගින්ට ප්‍රතිකාර කිරීම රුපියල් ලක්ෂ පහ‍ළොවට සිමාකර තිබු බවත් ,නමුත් ඒ සීමා මායිම් නොතකා පිළිකා රෝගින්ට ප්‍රතිකාර කරන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා ඇතැම් රෝගින්ට ලක්ෂ 500 ඉක්මවා ප්‍රතිකාර කරන අතර එවැනි රෝගින් රැසක් තවමත් ජිවත් වන බවද පැවසීය.

තවද, මෙවැනි සේවාවන් ගැන කතා නොකරන එම වෛද්‍ය සංගම්, හදිසියේ ඇතිවන ඖෂධ හිඟය ගැන පමණක් චෝදනා කරන බව ද අමාත්‍යවරයා මේහිදී සදහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

"අද ජනතාව භුක්ති විදින්නේ, අපි සෞඛ්‍ය සේවාවට ලබා දී ඇති සේවාවන්. ජනතාව මාව පර්ලිමෙන්තුවට යැව්වා. මම මගේ යුතුකම ජනතාව වෙනුවෙන් ඉටුකරනවා.

මට පක්ෂ පාට බේද නෑ, රටට ඔබින තින්දුව ගන්නවා, තමා ගන්නා තීන්දු තිරණ සමග ජනතාව සිටින බවයි සෞඛ්‍ය, පොෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසන්නේ.

මතුගම වෑත්තෑව රෝහලේ බාහිර රෝගි අංශය හා හදිසි ප්‍රතිකාර ඒකකය, සායන ගොඩනැගිලි, නව මුඵ තැන්ගෙය හා සංවර්ධන ව්‍යාපෘති රැසක් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පත්කෙරුණා.

ඒ සදහා වැයකළ මුදල රුපියල් මිලියන 82 ක්.

මෙයට සමගාමිව රෝහල් කාර්යමණ්ඩලය වෙත "කටු අනෝදා" පැල බෙදාදිමක්ද සිදුවිය.

එහිදී අනෝදා පැල දෙකක් රෝහල් පරිශ්‍රයේ රෝපණය කලේ අමාත්‍යවරයා හා අමාත්‍යවරයාගේ බිරිද වන විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ අතින්.

අද එම දෙපළගේ 41 වැනි විවාහ සංවත්සරය යෙදී තිබූ අතර මෙම උත්සව අවස්ථාවේ එය සැමරීමද විශේෂත්වයක්.

මෙහිදී මතුගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ජගත් විතාන මහතා විසින් ගිනි නිවන නව රථයක් හා ජල බවුසරයක් ද පරිත්‍යාග කළ අතර එය ජනතා අයතියට පත්කිරිම සිදුවුයේ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.