හිටපු යුද හමුදාපති ජනපති හමු වෙයි

Report
1Shares

හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

හිටපු යුද හමුදාපතිවරයාගේ විශිෂ්ට සේවය අගය කළ ජනාධිපතිවරයා ඒ මහතා සමග සුහද කතා බහක ද නිරත විය.

හිටපු යුද හමුදාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.