දැන් දුම්රිය හරස් මාර්ග වැඩියි

Report
4Shares

ලංකාවේ දුම්රිය ධාවනය වන ආකාරය සම්බන්ධයෙන් ජනතාව නිසි අයුරින් දැනුවත් කිරීම පිණිස අප "ගගන" මාධ්‍යවේදීන් විසින් ප්‍රධාන දුම්රිය පාලක මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලදි.

එහිදී දුම්රිය පාලක මධ්‍යස්ථානය තුළ සිදුවන ක්‍රියාන්විතය සම්බන්ධයෙන් නිසි ලෙස දැනුවත් කිරීමට නියෝජ්‍ය ගමනාගමන අධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා සහ දුම්රිය පාලක සැලසුම් සිසිර ඇල්විටිගල මහතා ද අදහස් දැක්වීම සිදු කළහ.

මේ අතර දුම්රිය ධාවන කටයුතු සිදු කිරීමේදී පවතින දුම්රිය හරස් මාර්ගයන් වල වැඩි වීමක් දක්නට ලැබෙන බව දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පැවසීය.

ඒ, "ගගන" මාධ්‍ය සාකච්ඡාවක් සමඟ එක් වෙමිනි.

ඒ මහතා මෙහිදී සඳහන් කළේ දේශපාලන හේතූන් ආදිය මත දුම්රිය හරස් මාර්ගයන් වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි.

සාමාන්‍යයෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රියක ධාවනය දෙස බලා සිටියහොත් දුම්රිය මාර්ගයට සමාන්තර පාරක ගමන් කිරීමේදී බොහෝ විට සෑම තැනකින්ම දුම්රිය හරස් මාර්ගයන් දී ඇති බවත් හෙතෙම අදහස් දක්වමින් පවසා සිටියේය.

වීඩියෝව පහතින්..