රෙද්දයි බැනියමයි අඳින කෙනෙක් එන්නේ-වෙල්ගම කියයි

Report
2Shares

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක් යටතේ කටයුතු කිරීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(23) කොළඹ පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

එහිදී මාධ්‍යවේදීන් විසින් ඉදිරිපත් කළ ප්‍රශන්වලට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේ, ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු රට හොඳ අතට හැරෙන බවයි.

නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ‍යටතේ ආණ්ඩු කරන්න තමන් කැමැත්තක් නොමැති බවත් ඉදිරියේදී රෙද්දයි බැනියමයි අඳින කෙනෙක් පැමිනෙන බවත් කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.