දුරකථන සංවාදය මරණයෙන් නිමාවිය

Report
2Shares

ජංගම දුරකථනයකින් කථා කරමින් කොටුව දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කල පුද්ගලයකු දුම්රියේ හැපී හිස කදින් වෙන්වු පුවතක් කොටුව දුම්රිය ආරක්ෂක හමුදාවෙන් වාර්තාවෙයි.

සිද්ධිය වී ඇත්තේ හික්කඩුව සිට මරදාන බලා ධාවනය වු දුම්රියට ඊයේ (03)පෙරවරු 07.45 ට පමණය හැපීමෙණි. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි නිට්ටඹුව, කාත්තන්තොට නො.50/1 දරණ නිවසේ පදිංචි ,සංජීව ප්‍රමෝද් යන අයයි.

අදාල පුද්ගලයා දුරකථනයෙන් කථා කරමින් දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී අවට වටපිටාව පිළිබදව කිසිදු අවධානයකින් තොරව ගමන් කිරීම නිසා මෙම අනතුර සිදුවි ඇතැයිද දුම්රිය ආරක්ෂක නිලධාරීහු පවසති .

නීතියෙන්ම දුම්රිය මාර්ගයේ ගමන් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් යනුවෙන් සුද්දගේ කාලේ පටත් පවතින නීතිය තාමක් ක්‍රියාත්මක වෙයි. එවැනි යුගයක දුම්රිය මගි පාලම් තිබියදි දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීම සදහා කිසිදු සමාවක් දිය නොහැකි වරදක් බවද දුම්රිය ආරක්ෂක නිලධාරිහු පවසති. අනතුරට පත්වු අය කොටුව දුම්රිය ස්ථාන අධිකාරී පියල් විජේසිරි මහතා ඒ මොහොතේම ගිලන් රථයක් රැගෙන විත් කොළඹ ජාතික රෝහල වෙත යවා ඇත.