මදුරු කීටයින් සිටි නිවාස 10කට රුපියල් 20 000/-ක් දඩ

Report
2Shares

රාගම දඹුව ප්‍රදේශයේ සිදු කළ ඩෙංගු පරික්ෂාවකදී නිවාස 450 සෝදිසි කොට ඩෙංගු මදුරුවන් බෝවිය හැකි නිවාස 100 ක් හමුවු බව රාගම බටුවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත සෝමරත්න මහතා පවසයි.

රාගම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් දියත් කල ඩෙංගු පරික්ෂාවකදී ඩෙංගු කීටයින් සිටි නිවාස 10 කට ඒ මොහොතේම දඩ පනවා රුපියල් 20000/- දඩ මුදලක් අයකර ගෙන තිබේ. ඒ මොහොතේ දඩ නොගෙවු තවත් 05 දෙනෙකුට අධිකරණයේ නඩු පවරා ඇත.

මේ දිනවල පවතින වර්ෂාවත් සමග රාගම ප්‍රදේශයේ ඩෙංගු රෝගය විශාල වශයෙන් පැතිර යන බැවින් ජනතාව ඩෙංගු රෝගයෙන් බේරා ගැනීමේ අරමුණ ඇතිව මෙම සෝදීසි මෙහෙයුම දියත් කොට තිබේ. මෙහිදී සිය නිවාස වල වැහි පිහිලි ,මාළු ටැංකි,මල් පෝච්චි ,ශීතකරණ ,ටොකින් පියන් හා සොපින් බෑග් වැනි දෑ සුද්ද පවිත්‍ර කරන ලෙස ජනතාව දැණුවත් කොට ඇත..

රාගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීණි අයේෂා පියරත්න මහත්මියගේ උපදෙස් මත ,ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත කුමාර ,බටුවත්ත මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරී නිශාත්ත සෝමරත්න ,මහජන සෞඛ්‍ය පරීක්ෂක රාගම කේ.ඒ.බී.එන් ජයකොඩි ,රාගම මහජන වෛද්‍ය පරීක්ෂක ජේ.වයි.සී විජේසිංහ ,නාරංගොඩපාළුව මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.එම්.එස් .හේරත්,යන මහත්වරු කදාන හෙද ශිෂ්‍ය ශිෂ්‍යාවන් 60 දෙනෙකුගේ සහයෝගය ඇතිව මෙම වැටලීම සිදු කළහ.