සුපිරි හෝටලකින් චීන තරුණියන් 2 ක් කොටු

Report
5Shares

සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ බම්බලපිටිය හෝටලයක ගනිකා වෘත්තියේ යෙදුන චීන කාන්තාවන් දෙදෙනකු ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විමර්ශන නිලධාරීන් ඊයේ (06) දහවල් අත්අඩංගුවට ගෙන ඇත

අන්තර් ජාලය හරහා මෙම කාන්තාවන් වෙන්කර ගෙන උපාය ධුතයකු ලෙස වෙස්වලාගන් නිලධාරීන් දෙදෙනකු අදාල හෝටල් කාමරයේදී මෙම චින තරුණියන් දෙදෙනා කොටුකර ගත් බව ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය පාලක විමර්ශන එම් .ජී.වී කාරියවසම් මහතා පවසයි.

අත් අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා අවුරුදු 30 ත් 35 අතර වයස් කාණ්ඩවල අයත් අය බවත් මොවුන් ගේ සංචාරක වීසා ල බා ගෙන පැමිණ ඇත්තේ වෙනත් රැකියා ස්ථානයන් සදහා බවටත් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් චින තරුණියන් දෙදෙනා වැඩිදුර විමර්ශන සදහා මිරිහාන රැදවුම් කදවුර වෙත යවා ඇත.

ආගමන හා විගමන පාලක ජනරාල් පසන් රත්නායක, වීසා හා පත්යන්ත්‍ර පාලන දතිත නිරෝශන යන අයගේ උපදෙස් මත නියෝජ්‍ය පාලන විමර්ශන එම් .ජී.වී කාරියවසම් හා සහකාර පාලක විමර්ශන එච්.ඒ.ජී ප්‍රසන්න කුමාර යන අයගේ අධීක්ෂණය යටතේ ජේෂ්ඨ බලයලත් නිලධාරී චන්දිම මුණසිංහ මහතා ඇතුළු විමර්ශන නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.