පළාත් කිහිපයකට තද වැසි සමඟ ප්‍රබල අකුණු

Report
1Shares

අද(10) පස්වරු 02.00 න් පසුව පළාත් කිහිපයකට තද වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද රාත්‍රී 11.00 දක්වා බල පැවැත්වෙන පරිදි අදාල නිවේදනය නිකුත් කර ඇත.

නැගෙනහිර, ඌව, උතුරු මැද, උතුර සහ මධ්‍යම යන පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයටත් මෙම අයහපත් කාලගුණ තත්ත්වය බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර් 70 ත් 80 ත් පමණ වන තද සුළං තත්ත්වයක් ද හටගනු ඇති බවයි.