වන අලි පහර දීමකින් දෙදෙනෙක් මියයයි

Report
1Shares

වන අලියෙකු පහර දීමෙන් කාන්තාවක් හා ඇගේ මිණිබිරිය මරණයට පත්ව ඇත.

ඊයේ(10) දින පස්වරු 6.45 ට පමණ අම්පාර, මධ්‍යම කඳවුර පොලිස් වසමේ 16 කොළනිය, පන්සල ඉදිරිපිට දී මෙම සිදුවීම සිදුව ඇත.

පොලීසිය සඳහන් කළේ නිවස අසල කඩයකට ගොස් එමින් සිටිය දී මෙම දෙදෙනා මෙසේ වන අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර බරපතළ තුවාල ලැබූ දෙදෙනා මධ්‍යම කඳවුර රෝහලට හා අම්පාර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබූ බවයි.

වන අලි පහර දීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 54 ක් වු සදනදපුර, වීරගොඩ ලිපිනයේ පදිංචි විදානලාගේ පුෂ්පකාන්ති යන කාන්තාවක් හා ඇයගේ මිණිබිරිය වන එම ලිපිනයේම පදිංචි වයස අවුරුදු 6ක් වු අවිෂා දෙව්මිණි යන දැරියකි. මධ්‍යම කඳවුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.