වත්තලින් කසල තේ 18000 kg වෙයි

Report
1Shares

වත්තල ශ්‍රී වික්‍රම මාවත ප්‍රදේශයේදී මිනිස් පාරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්‍රෑම් 18000ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරක් මත කළ වැටලීමකදී පෞද්ගලික සමාගමකට අයත් ගබඩාවකින් මෙම තේ තොගය සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, එහි තිබී විද්‍යුත් තරාදි දෙකක් ද සිය භාරයට ගත් බවයි.

වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ගබඩාවේ භාරකරු අත්අඩංගුවට ගෙන ඇප බැඳුම්කරයක් මත අධිකරණයේ පෙනි සිටින්නැයි දැනුම් දී මුදා හැර තිබේ.