මත් ජාවාරම් කරුවන්ට රුපියල් 157500/-ක් දඩ

Report
1Shares

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල කල සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 18 දෙනෙකු සුරාබදු මත්ද්‍ර නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත..

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ හෙරොයින් ග්‍රෑම් 09 මිලි ග්‍රෑම් 595 ක් හා ගංජා ග්‍රෑම් 06 සොයා ගත් බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

1913 දරණ දුරකථන අංකයට ලද මහජන පැමිණිලි මත මාලිගාවත්ත ,වැල්ලම්පිටිය ,දෙමටගොඩ , නවගම්පුර ,වැල්ලවත්ත,කොම්පඤ්ඤවීදිය ,බම්බලපිටිය හා පුංචි බොරැල්ල යන මෙම සෝදිසි මෙහෙයුම් දියත් කොට තිබේ.මෙහිදි හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 16 දෙනෙකු හා ගංජා ජාවාරමේ යෙදුන සැකකරුවන් දෙදෙනකු කොටු කර ගැනීමට සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සමත්වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් සදහා රුපියල් එක්ලක්ෂ පනස්හත්දාස් පන්සියයක (157500/)දඩමුදලක් ගෙවන ලෙස නියම කොට ඇත.

සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති කේ.පී.එස් .පතිරණ මහතාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මෙම වැටලිම් සිදු කළහ.