එජාපයට දිනන නායකයෙක් නෑ

Report
2Shares

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීම සියලු දෙනාගේම ඉල්ලීම බවට පත්ව ඇති බව මහර ප්‍රාදේශීය සභාපතිනී ඒ.ඒ සුදීමා චාන්දනී මහත්මිය පැවසීය.

ඒ, මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඇය පවසා සිටියේ මේ රටේ කුමන පක්ෂයකින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළත් ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කළ හැකි නායකයෙක් නොමැති බවයි.

එක්සත් ජාතික පක්ෂයට පක්ෂය තුළ දිනන නායකයෙක් නොමැති බව තම අදහස බවත්, එජාපය තුළ අද වන විට හටගෙන ඇති අර්බදත් සමඟ වසර ගණනාවක් තිස්සේ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ගැනීමට නොහැකි වූ පක්ෂයක් බවත් එම මහත්මිය සඳහන් කළාය.

ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනතාව ඉල්ලා සිටි නායකයා බවත් පැවසූ චාන්දනී මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ ජනතාවගේ ඉල්ලීමෙන් ආපු නායකයෙක්ව කිසිදිනෙක ජනතාව පරාද නොකරනු ඇති බවයි.

වීඩියෝව පහතින්..