අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් අල්ලයි

Report
1Shares

විවිධ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු ටී56 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව බෙලිඅත්ත පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ සැකකරු අද(11) දින අනුරාධපුරය, සාලියවැව පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකුට උකස් කරන ලද ඩිෆෙන්ඩර් රථයක් මංකොල්ල කා පළා යාම, බෙලිඅත්ත පොලිස් වසමේදී ත්‍රිරෝද රථයක් පැහැරගෙන යාම, ජීව පතුරොම් සහිත පිස්තෝලයක් ඩිෆෙන්ඩර් රථයකින් රැගෙන යමින් සිටියදී වීරකැටිය ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී සැකකරු රථය රැගෙන පලා යාම සහ යතුරුපැදි සොරකම් යන චෝදනා සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.