ගෝඨාභයගේ අභියාචනයක් ප්‍රතික්ෂේප වෙයි

Report
1Shares

වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරිමේදී මුදල් විශුද්ධීකරණ පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට ඉදිරිපත් කර ඇති චෝදනාවල පෙළගැස්මේ ඇති දෝෂ හේතුවෙන් එම නඩුව විභාග කිරීම වළක්වන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර තිබූ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන සිසිර ද ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේ අද (11) විභාගයට ගැණුනි.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා සඳහන් කර සිටියේ පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බවයි.