IOC ඉන්ධන මිල පහතට

Report
1Shares

මුදල් අමාත්‍යාංශයේ ඉන්ධන මිල සුත්‍රයට සාපේක්ෂව සිදුකල මිල සංශෝධනයට අනුව ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල අද සිට පහත හෙලා ඇතැයි පැවසේ.

ඒ අනුව IOC සමාගම සදහන් කරන්නේ, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 02කින් ද (රු:164), සුපිරි ඩීසල් රුපියල් 02කින් (රු:132) පහත දමා තිබෙන බවයි.

මේ අතර එම සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල්වල සහ ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදු නොකරන බවයි.

මෙලෙස මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ඉන්ධන මිල පහත දමා තිබුණේ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි.