සාමණේර දෙනමකට පහර දුන් සැකකරු රිමාන්ඩ්

Report
1Shares

කුඩා සාමණේර හිමියන් දෙනමකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු හොරොව්පතාන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

සැකකරු අද(11) පදවිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව සැප්තැම්බර් 24 දා දක්වා මෙසේ රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස සාමණේර හිමියන් දෙනමකට පහර දී ඇත්තේ ගම්මැද්දේ චමින්ද ගලබොඩ නොහොත් උටියා නම් අයෙක් බවයි.