දුන්කුඩු නිෂ්පාදනාගාරයක් මිගමුවෙන් වටලයි

Report
1Shares

මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ නිවසක මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය දුන්කුඩු නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් පනස්දහසක් (50 000/-ක් වටිනා දුන්කුඩු තොගයක් සමගින් ව්‍යාපාරිකයා සමග සැකකරුවන් 12 දෙනෙකු මීගමුව සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙමම වැටලීමේදී දුන්කුඩු නිෂ්පාදනාගාරයේ තිබී දුන්කුඩු මිලී ලීටර් 3300 ක් ,බෙන්ඩරයක් ඇතුළු උපකරණ තොගයක් සුරාබදු නිලධාරීන් සොයා ගැනීමට සමත් වී ඇත.

අදාල සැකකරු දුමාරය රහිත දුම්කුඩු කාලයක් තිස්සේ අලෙවි කරන බවත්,එම දුන්කුඩු ඉරීමෙන් හා දිවයට තබාගැනීමෙන් මත්වන බවත් සැකකරු සුරාබදු නිලධාරීන් ඉදිරියේ පාපොච්ජාරණය කර තිබේ.

මත්කුඩු ඩප්පියක් රුපියල් 60/- කටත් ,පැකට් එකක් රුපියල් 100/- ක් වැනි මිලකටත් අලෙවි කරන අතර දුන්කුඩු රැගෙන යාමට පැමිණි සැකකරුවන් 12 දෙනා ළග දුම්කුඩු ග්‍රෑම් සියය ,එකසිය පනහ වැනි ප්‍රමානයක් තිබී සොයා ගැනීමටද සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මහේස්ත්‍රාත්වරයා ව්‍යාපාරිකයාට රුපියල් 150000/- දහසකුත් ,ඉතිරි සැකකරුවන් දෙලොස්දෙනාට රුපියල් 10.000/ බැගින් රුපියල් 120 000/- දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට ඇත.

ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් ආර්.එම්.පී.බී ධර්මකීර්ති ,සුරාබදු අධිකාරී උපුල් කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත ,මිගමුව සුරාබදු ස්ථානාධිපති රොෂාන් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ ,සුරාබදු පරීක්ෂක රොෂාන් රණසිංහ ,නියාමක වරුන් වන සමරකොන් ,දිල්හාන් ,කුමාරසිරි,ශිවන්ත හා චන්ද්‍රලාල් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.