අධික වේගය නිසා තරුණ ජීවිත 02 ක් මහ මගට බිලි

Report
1Shares

සූරියවැව - පදලංගල මාර්ගයේ 55 යාය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සූරියවැව පොලීසිය ප්‍රකාශ කළේ, ඔවුන් දෙදෙනා සූරියවැව දෙසට අධික වේගයෙන් ගමන් කිරීමේදි වේගය පාලනය කරගැනිමට නොහැකිව වංගුවක් අසලදී යතුරුපැදිය පාරෙන් ඉවතට පැන මාර්ගය අසල තිබූ ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරින් පසු තරුණිය එම ස්ථානයේදීම මියගොස් සිටි බවත්, තරුණයා රෝහල් ගත කිරීමට රැගෙන යන අතරතුරදී මියගිය බවත් පොලීසිය ප්‍රකාශ කළා.

අනතුරෙන් මෙලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි තරුණියක සහ 21 හැවිරිදි ඇගේ සැමියායි.

සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.