කංජිපානි ඉම්රාන්ගේ පියා සහ සහෝදරයා ඇතුළු 6ක් අත්අඩංගුවට

Report
1Shares

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ට ලබා දීම සඳහා ජංගම දුරකථන දෙකක් සහ චාජර් දෙකක් රැගෙන ගිය ඔහුගේ පියා සහ ඔහුගේ සොහොයුරා ඇතුළු සැකකරුවන් හයදෙනෙකු රත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(12) සවස බූස්ස බන්ධනාගාරයේ, රඳවා සිටින කංජිපානි ඉම්රාන් බැලීමට ඔවුන් රැගෙන ගිය කෑම අසුරණයේ රහස් කුටියක තිබී එම ජංගම දුරකථන දෙක සහ චාජර් දෙක සොයා ගැනීමට හැකි වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව රත්ගම පොලීසිය විසින් කංජිපානි ඉම්රාන්ගේ පියා සහ සොහොයුරා ඇතුළු සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්ගම පොලීසිය භාරයේ පසුවෙයි.

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන කංජිපානි ඉම්රාන් ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබුනි.

ඒ, පොලිස් නිලධාරියෙකුට දුරකතනයෙන් මරණ තර්ජනය කිරීමේ සිද්ධියකට අදාලවයි.