ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් ශ්‍රීලනිප ට කොන්දේසි | VIDEO

Report
2Shares

ඉදිරි ජනාධිපතිවරණයේදී “පොහොට්ටුවේ නායකත්වය” යටතේ කටයුතු කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කොන්දේසි පනවා සිටී.

සියලුම එක්සත් ජාතික පක්ෂ විරෝධී බලවේග පොහොට්ටුවේ නායකත්වය යටතේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් එක්සත් වීම “අද ප්‍රධාන අවශ්‍යතාව” බව ශ්‍රීලපොප සභාපති ජී ඇල් පීරිස් මාධ්‍යවේදීන් හමුවේ කොළඹදී ප්‍රකාශ කළේය.

එසේ නොකර මහ මැතිවරණයේ තරග වැදීම සම්බන්ධ යෝජනා ඉදිරිපත් කිරීම දෙපක්ෂය අතර “වට හතක්” පැවති සාකච්ඡා වෙනත් අතකට යොමු කිරීමේ උත්සාහයක් ලෙස මහාචාර්ය වරයාගේ චෝදනාවට ලක්විය.

ධුර කාලය අවුරුදු හතරහමාරක් ගත වන තුරු ආණ්ඩුව විසුරුවා හැරීම පාර්ලිමේන්තුවේ 2/3 ක සහයෝගය නොමැතිව කළ නොහැකි නිසා මහ මැතිවරණය ගැන සාකච්ඡා කිරීම පලදායී නොවන බව මහාචාර්ය පීරිස් කියා සිටියේය.

කෙසේ වෙතත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉකුත් ඔක්තෝබරයේ නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීම ව්‍යවස්ථානුකුල බවට නීති තර්ක ගෙනහැර දක්වමින් අධිකරණයේද කරුණු කීමට ඉදිරිපත් වූ රාජපක්ෂවාදීන් අතර පෙරමුණ ගත් අයකු වූයේ මහාචාර්ය ජී ඇල් පීරිස්ය.