පුහුණු හමුදා නිලධාරීන් ඉදිරියේදී දුම්රිය ධාවනයට

Report
3Shares

මින් ඉදිරියට දුම්රිය දෙපාර්තුමේන්තුවේ කුමන වර්ජන පැවැතියත් පුහුණු කල හමුදා නිලධාරීන් යොදවා දුම්රිය ධාවනය කරන බව වැඩ බලන ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති අසොක් අබේසිංහ මහතා පවසයි.

ඒ සදහා දුම්රිය රියදුරු ,නියාමක ,ස්ථානාධිපති හා දුම්රිය පාලක යන නිලධාරීන් එක් පාර්ශවයකින් දස දෙනා බැගින් 40 දෙනෙකු විදේශීය රට වල පුහුණුව ලබාදීමට යුධ හමුදාපතිවරයා කැමැත්ත ලබාදී තිබෙනවා. හදිසි අවස්ථාවකදී සහභාගිවීම සදහා යුධ හමුදාපතිවරයාගෙන් කල ඉල්ලීමට අනුව මේ බව පවසා තිබෙනවා. අදාල නිලධාරීන් පුහුණු කිරීම සදහා ආරක්ෂක අමාත්‍යංශයට හරහා එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිතය. එම නිසා මින් ඉදිරියේදී දුම්රිය වර්ජන පැවතියහොත් මගි ජනතාව අපහසුතාවයන්ට පත්නොවන ආකාරයට යුධ හමුදාවේ සහාය ඇතිව දුම්රිය ධාවනය කරන බවද අසෝක් අබේසිංහ ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය .

දුම්රිය වර්ජනය පැවතියද අද(07)දිනයේ මැදිරි දහයකින් සමන්විත ද්විත්ව බලවේග කට්ටල 30 ක් කාර්යාල සේවකයින් ගේ ගමන් පහසුව සදහා ධාවනය කරනවා. ප්‍රධාන මාර්ගයේ නුවර ,පොල්ගහවෙල ,රඹුක්කන ,කුරුණැගල හා වේයන්ගොඩ සිටත් ,පුත්තලම් දුම්රිය මාර්ගයේ හලාවත සිට කොළඹ කොටුව දක්වාත් ,මුහුදු බඩ මාර්ගයේ ගාල්ල සිටත් ,අවිස්සාවේල්ල සිටත් මරදාන දක්වා කාර්යාල දුම්රිය මගී අවශ්‍යතාවය මත ධාවනය කෙරේ.

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කර තිබෙනවා.එවැනි යුගයක තමන්ට රිසි අයුරින් හැසිරෙන්න බැහැ. නමුත් මේ වන විටත් දුම්රිය වර්ජකයින් සේවයට පැමිණීමට ක්‍රමයක් සොයමින් පවතිනවා. වර්ජකයින් පෙරේදා (05) දිනයේ මැතිවරණ කොමසාරිස් හමුවී සේවයට පැමිණීම සදහා ක්‍රමයක් සොයමින් සිටින බවට තමන්හට මැතිවරණ කොමසාරිස් වරයා ඒ මොහොතේම දැනුම් දුන් බව අසෝක් අබේසිංහ මහතා වැඩිදුටත් පැවසුවේය.

. වර්ජකයින් හට වර්ජනය නවතා සේවයට පැමිණීමට අවශ්‍යවී ඇති බැවින්, මීට පෙර සාකච්ජා පහක් තැබු අතර එහිදී සේවයට පැමිණිමට කැමැත්ත පලකර පසුව එය ක්‍රියාත්මක කලේ නැහැ. ඒ නිසා වර්ජනය නවතා සේවයට ආවොත් සාකච්ජාවක් ලබා දෙනවා.දැනටමත් වර්ජකයින් සේවයට පැමිනීමට කැමැත්ත පලකර ඇතැත් එය කරන්නේ නැහැ.ඒනිසා සාකච්ජා දෙන්නේ වර්ජනය නතර කර සේවයට ආවොත් පමණක් බවද අසෝක් අබේසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.