කොන්දේසි සහිතව වර්ජකයින් දුම්රිය සේවයට

Report
4Shares

වර්ජනයේ නිරත වුවන් සේවයෙන් පහකල බවට ලබාදුන් ලිපිය වහාම අවලංගුකොට, දුම්රිය සංවෘත සේවාවට අනුව වැටුප් තලයේ පිහිටු වනවානම් සේවයට පැමිණෙන බව දුම්රිය මෙහෙයුම් කළමණාකරන වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පවසයි

ශ්‍රේණි විෂම තාවය හා වැටුප් විෂම තාවය ඉවත් කරන්නේ නම් සේවයට වාර්තා කරන අතර එසේ නොකරන්නේනම් විසදුම් ලැබෙන තුරු වර්ජනයේ නිරත වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.

මීට අමතරව අවිධිමත් ආකාරයෙන් දෙපාර්තුමේන්තුවට බදවා ගැනීම් ,උසස් කිරීම් හා සේවයෙන් පහකිරීම් හා දැනට අරන් තිබෙන විනය ක්‍රියා මාර්ග ඉවත් කරගන්නේ නම් සේවයට වාර්තා කිරීමට නියමිතය.

වෘත්තීය සමිති මර්ධනයට විරුද්ධව අත්‍යවශ්‍ය සේවා පනතක් ගෙනත් තිබෙන බැවින් ඒ පිළිබදව වහාම කටයුතු කරන ලෙසට වෘත්තීය සමිති අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර කම්කරු සංවිධානයටත්,මැතිවරණ කොමිසමටත්පෙරේදා දිනයේ පෙත්සමක්ද ඉදිරිපත් කලා.

දුම්රිය නියාමකයින් ,දුම්රිය රියදුරන් ,දුම්රිය පාලක වරුන් හා දුම්රිය ස්ථානාධිපතිරුන් හට මේ වනවිට ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා උපදෙස් මත,දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නිකුත් කල සේවයෙන් පහකල බවට ලබාදුන් ලිපිය ඉවත්කල යුතුයි. එම තහනම ඉවත් නොකර සේවයට පැමිණිය නොහැකියි.මේ සදහා වැටුප්කොමිසම ,මහාභාණ්ඩාගාරයේ නිලධාරීන් හා ප්‍රවාහන අමාත්‍යංශයේ නිලධාරීන් සමග සාකච්ජා කරන විසදුමක් ලබාදිය හැකිය.

සේවය තහනම් කොට තිබියදී අතිකාල නොමැති වී මෙන් ටික දිනක් යනවිට බලධාරීන් සිතා සිටින්නේ අප සේවයට පැමිණෙයි කියායි .අතිකාල නොමැති වන විට ජීවත් වන්න අමාරුවුවත් සේවකයින් සේවයට පැමිණෙන්නේ නැහැ. විෂය භාර ඇමතිවරයා පියකුමෙන් සේවකයින් දෙස බැලිය යුතුය.එසේ නොමැතිව වෛරක් කාරයින් ලෙස සේවකයින් දෙස බලා තීන්දු තීරණ ගත නොහැකියි. හොදින් කථාකොට සුහදත්වයෙන් මේ ප්‍රශ්නයට පිලියම් යෙදුවානම් මේ වනවිට වර්ජකයින් වර්ජනය අතහැර සේවයට වාර්තා කරන බවද ඉන්දික දොඩනගොඩ මහතා වැඩිදුරටත් පැවසුවේය.