රාජපක්ෂවරුන්ගේ දේශපාලනය පරාජය කළ හැකි හොඳම අපේක්ෂකයා අපි ඉදිරිපත් කළා-රාජිත

Report
4Shares

එක්සත් ජාතික පක්ෂ්‍ය ප්‍රමුඛ පක්ෂ එකමුතුව විසින් පූර්ව ජනාධිපතිවරණ කටයුතු සංවිධාන කිරීම සදහා සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ විශේෂ සාක්ච්ඡාවක් පැවැත්විය. එම අවස්ථාවේදී ජනාධිපතිවරණ පූර්ව සමීක්ෂණ, ප්‍රචාරණ කටයුතු, තොරතුරුමධ්‍යස්ථාන සම්බන්ධීකරණය, දිස්ත්‍රික් මට්ටමේ සහ පලාත් මට්ටමේ මහජන හමු සංවිධානය මෙන්ම තවත් පූර්ව ජනාධිපතිවරණ සංවිධාන කටයුතු පිළිබද මෙහිදී සාකච්ඡා කරනු ලැබීය. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාව සඳහා සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන 39ක නියෝජිතයන් සහභාගි විය.

එම අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා-

“අද අපිට ජනාධිපතිවරණයක් පැමිණෙනවා. 08 සිට මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වෙනවා. අපේක්ෂකයින් පිළිබඳ නොයෙකුත් වාද විවාද තිබුනා. නමුත් අපට ඉන්තිමට ඉතුරුවෙන්නේ එක අපේක්ෂකයායි. ඒ තමයි රාජපක්ෂ විරෝධී අපේක්ෂකයා. එම නිසා මොන අපේක්ෂකයා වුණත් රාජපක්ෂලාව පරාද කරන්න අවශ්‍ය අපේක්ෂකයෙක් විය යතුයි. රාජපක්ෂලාව පරාද කරන අපේක්ෂකයෙක් විය යුතුයි. අපි බොහොම සමගි සම්පන්නව අවසානයේදී එම ප්‍රශ්ණය විසදා ගත්තා. එතනදී අප අතරේ විවිධ මත තිබුනා. මගේ නමත් එතනට ආවා. නමුත් කොයි නම ද ආවේ කියන එක නොවෙයි වැදගත් වන්නේ, අපේ කඳවුරෙන් කෙනෙකු අප ඉදිරිපත් කර තිබෙනවා රාජපක්ෂවරු පරාද කරන්න. පළමුව රාජපක්ෂලාගේ දේශපාලනය පරාද කළ යුතුයි. ඊට පසුවයි අප අතර තිබෙන මතවාද ඉදිරියට ගෙන යන්න කටයුතු කළ යුත්තේ. ඒ අනුව ආණ්ඩුව තුළ එක්සත් ජාතික පෙරමුණ යටතේ තිබෙන පක්ෂත්, මේ අපේක්ෂකයා සමඟ දීර්ඝව කතා කළා. මත ඉදිරිපත් කළා.

අවසානයේ එතුමා එක වැඩපිළිවෙළකට එකඟ වුණා. ඒ අනුව තමයි අවසානයේ සජිත් ප්‍රේමදාස මහතා අපි ජනාධිපති අපේක්ෂක ලෙස ඒකමතිකව තීන්දු කළේ.

විවිධ කණ්ඩායම් මෙම ස්ථානයට කැඳවීම 2015 මැතිවරණයේ වගේම අපි ආරම්භ කරලා තිබෙන්නේ. ඒ සියලු දෙනා සමඟ අපි කතා කරනවා. දැනටත් විවිධ කණ්ඩායම් අපට කතා කරනවා. මැතිවරණ ව්‍යාපාරය සදහා. ගියවරට වඩා මෙවර මැතිවරණයේ දුෂ්කරතාවයක් තිබෙනවා ගිය සැරේ අපිට නොයෙකුත් ඒ්වාට උත්තර දෙන්න තිබුනේ නැහැ. අපේ ප්‍රතිවාදියාට තමයි තිබුනේ. මෙවර අපේ පිලේ අයටත් අපිට උත්තර දීලා ඔළුව හදන්නවනවා මේ මැතිවරණ ව්‍යාපාරයට ගන්න. නමුත් ඒ් සියල්ලටම මුහුණ දෙමින් මෙම මැතිවරණ ව්‍යාපාරය ජයග්‍රාහීව අවසන් කිරිම කිරිම සඳහා නොවැම්බර් 16 වෙනකන් මෙම සටන ගෙනයනවා.

එදා වගේ නොවෙයි අද උතුරේ මිනිස්සු පාරට බහිනවා. ආණ්ඩුවට විරුද්ධව සටන් පාඨකියනවා. සත්‍යග්‍රහ කරනවා. උපවාස කරනවා. පෙළපාලි යනවා. රෑට රුපවාහිහිනියේ අපි දැක්කාමත් සන්තෝෂයි. මේ තත්ත්වය අපි ඔවුන්ට හදලා දුන්න නිසා. ඒ් මිනිස්සු තමයි වැඩියෙන්ම පීඩාවට පත්ව සිටි මිනිස්සු. එහෙම තිබුන උතුර බොහොම වෙනස් වුණා. දකුණේ තිබෙන ක්‍රියාකාරිත්වය දැන් උතුරේ ඇති වෙලා තිබෙනවා. නැගෙනහිරත් එහෙමයි. වරින් වර ඇතිවුන ජාතිවාදී කැළඹිලි ඇරෙන්න අනෙක් හැම තැනකම ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් ක්‍රියාත්මක වුණා. ඒකට අවශ්‍ය නොයෙකුත් දේවල් ස්ථාපනය වුණා. ස්වාධීන කොමිසන් සභා, ව්‍යවස්ථාදායක සභා, තොරතුරු දැන ගැනීමේ පනත, කොමිසන් සභා සක්‍රීයකිරිම තුළ ඉස්සර වගේ තමන්ට ඔින විදියට වැඩ කරන්න බැහැයි කියන මට්ටමට හැම අමාත්‍යවරයෙක් ම, රටේ නීතියට අවනතව යටත්ව කටයුතු කරන්න වෙන්නේ කියලා තිබෙනවා. සමහර තැන්වල ඒවා දෝරේ ගලලා තිබෙනවා. මේ ගමනටත් බාධාවක් වන මට්ටමටම නිදහස ලබාදී තිබෙනවා. ඒ්වා ඉදිරිපත් කරලා තමයි ගෝඨාභය කියන්නේ මීට වඩා ශක්තිමත් ආණ්ඩුවක් ඔින කියලා. එදාට වඩා මැතිවරණ කොමිසම කොච්චර බලවත් ද, අද එයාලගෙන් අහලා තමයි සියල්ල කරන්නේ.”

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටි මෙරට ප්‍රකටව්‍යාපාරිකයෙකු තම ජනාධිපතිවරණ ප්‍රකාශනය තුළ සෞඛ්‍ය සේවාව දියුණු කිරීම සඳහා ඉදිරිපත්කර තිබූ යෝජනාවලියද අමාත්‍යවරයාගේ විවේචනයට ලක් විය.

“ආවාට ගියාට මැතිවරණ ප්‍රකාශනයක් හදන්නේ නැහැනේ. ඔය ඔක්කොම ටෙක්නෝකැස්ලා කියන මිනිස්සුන්ව ගෙනල්ලා අධ්‍යයනය කරලා කරන්නේ. මම ඉස්සෙලාම උඩින් පල්ලෙන් බැලුවාහෙල්ත් එක. හෙල්ත් ඒක බැලුවාම 27 ක් කියනවා. 2030 වන ම් කරන වැඩපිළීවෙල. 24ක් මම කරලා ඉවරයි. ඉතිරි 03 වැදගත් ඒ්වා නැත්නම් මිනිසුන්ට ආකර්ශණය කරන ඒවා නොවෙයි. ප්‍රබල 24ම කරලා ඉවරයි.

මම අගමැතිතුමාට පෙන්නලා කිවුවා මේ මම දන්න හැටියට. අනෙක් අමාත්‍යාංශවල කොච්චර ප්‍රතිශතයක් තිබෙනවා ද දන්නේනම් නැහැ කියලා. එයාගේ 2030 වැඩපිළිවෙල. ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ ඒ්කක හදනවා කියලා එයා දාලා. මම ලෝකයේ පළමු වැනි වරට හැදුවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා, මම 1700 හදපු ඒක ඉන්දියාවේ ලක්ෂ එකහමාරක් හදන්න කටයුතු කළා. දැන් ඒකම‌ ලොකු ප්‍රතිපත්තියක් විදිහට ඉදිරිපත් කරනවා.

නිවාරණ වැඩපිළිවෙල කොතෙක් ක්‍රියාත්මක කළත් ජනතාව එය නිවැරදිව අනුගමනය කරන්නේනෑ. පොතේ තිබිලා වැඩක් නැහැ. ඒ්වා හොදයි දියුණු රටවලට. එතකොට ඒ්වා පිළිපදිනවා. ඒ්ක බොරුවක්. ඒ්ක නිසා ඒ් ජනතාවට තමන්ගේ සෞඛ්‍ය පරීක්ෂා කරගැනීම සඳහා කටයුතු කළා. නැත්නම් පළමු පාර එන්නේ කෙළින්ම ප්‍රතිකාරයට. අතරමැද සෞඛ්‍ය පරික්ෂාවක් තිබ්බේ නැහැ. සියල්ල පෞද්ගලික සේවා වල.

ආණ්ඩුවට සෞඛ්‍ය පරික්ෂාවක් නැහැ. මම ප්‍රධාන 05 ක් දැම්මා. ඒ්කක 846 ක් හැදුවා. කාන්තාවන්ට තව 906 ක් හැදුවා. මෙච්චර පහසුකම් දීලත් එන්නේ සියයට 30යි. සියයට 70 ක් ඒත් නැහැ. ඒ සඳහා තමයි දෙවැනි පියවර අනුගමනය කළේ. FamilyPhysician කියලා. 10,000 කට එක්කෙන්, දෙන්නෙක් හෝ තුන්දෙනෙක් දෙනවා. එයා අවුරුද්දකට සැරයක් මේ සියල්ලගේ සෞඛ්‍ය පරීක්ෂාවක් කරන්න ඔින. එතකොට සියල්ලමේකට යොමු වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මෙය අනුමත කරනවා.”