ගාල්ල හියාරේ රක්ෂිතයෙන් ලක්ෂ 5 ක මත්පැන් අත්අඩංගුවට

Report
1Shares

හියාරේ හා කොට්ටව, කෝඹල යන රක්ෂිතවල පවත්වාගෙන ගිය මහා පරිමාන මත්පැන් නිෂ්පාදනාගාර පහක් හා විකුණු ස්ථාන දෙකක් වටලා රුපියල් ලකෂ පහක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් හත් දෙනෙකු ගාල්ල සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් නිෂ්පාදනාගාර වල තිබී බැරල්, තඹ දගර,ඊස්ට්, ගෑස් සිලින්ඩර්, ගෑස් ලිප් ආදී උපකරණ තොගයක් සොයා ගත් බව ගාල්ල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ඩී.සී.සේනාධීර මහතා පවසයි.

අදාල රක්ෂිතවල මත්පැන් පෙරීම නිසා පරිසරය විශාල වශයෙන් හානි සිිදුවී ඇතැයි ද සුරාබදු නිලධාරීන් පවසයි.

නිෂ්පාදිත මත්පැන් ගාල්ල, උණවටුන, හබරාදූව, කරාපිටිය ආදී ප්‍රදේශ වලට බෙදා හරින බව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරුවන් රුපියල් පනස් දහස බැගින් වූ සහතික ඇප මත මුදා හැර ඇති අතර ඉදිරියේදී ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.

දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් විජිත ගමනායක මහතාගේ උපදෙස් මත, ගාල්ල සුරාබදු අධිකාරී සුනිල් ශාන්ත මහතාගේ අධීක්ෂණ යටතේ ,ගාල්ල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ඩී.සී. සේනාධීර මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂකවරුන් වන අසේල ද සිල්වා, සිසිර අමරරත්න, නලීන් නන්දරත්න, සුරාබදු කෝප්‍රල් 621 මලින්ද සදරාජ්, සුරාබදු නියාමකවරුන් වන 814 සම්පත් රණසිංහ, 899 ඉන්දික ධර්මප්‍රිය, 921 සරත් ගුණරත්න, 980 ඉන්දික මුතුහෙට්ටිගම, 1072 රජිත මිහිරංහ, 1078 සුජිත් විජේසේකර, 1109 මධුර විජයන්ත, 1118 ඉරේෂ් කාවින්ද, 1183 රුචිර මධුශාන්, 1191 බුද්ධික වික්‍රමසිංහ, සුරාබදු රියදුරන් වන ජිනේන්ද්‍ර නිරෝෂන්, ලුෂාන්ත ලක්මාල්, සමන්ත යන නිලධාරීහු මෙම වැටලීම් සිදු කළහ.