ධීවරයින්ට ජාත්‍යන්තර ප්‍රමිතියේ තත්ත්ව සහතිකයක්

Report
1Shares

ශ්‍රී ලංකාවේ පවතින කර්මාන්ත අතරින් ප්‍රධාන තැනක් ධීවර කර්මාන්තයට හිමි වෙයි.

ධීවර කර්මාන්තය ගැන සළකා බැලීමේදී එය ඉතා පුළුල් පරාසයක් ඔස්සේ සාකච්ඡා කළ හැකි මාතෘකාවක් බවට පත්ව තිබේ.

ධීවර සහ මත්ස්‍ය කර්මාන්තයට අත්‍යවශ්‍ය සියළුම දේ සිදු වන ආකාරය සහ තාක්ෂණය පිළිබඳව දැනුවත් වීමට කිසිවෙකු අපේක්ෂාවෙන් පසු වෙනවා වීමට පුළුවනි.

ඒ පිළිබඳව දැනුවත් කිරීමට අප ගගන මාධ්‍යවේදීන් පිවිසියේ ධීවර කර්මාන්තයට විශාල දැනුම් සම්භාරයක් ලබා දෙන ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය නොහොත් නාරා ආයතනයටයි.

ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ සභාපති ඊ.ඒ.එස්.කේ.එදිරිසිංහ මහතාව නාරා ආයතනයේ කාර්යභාර්ය සම්බන්ධයෙන් විමසීම සඳහා මෙහිදී සාකච්ඡාවකට එක් කර ගත්තෙමු.

මසුන් ඇල්ලීමේ සිට වෙළඳපලට අවශ්‍ය අයුරින් සුරක්ෂිතව මසුන් ගබඩා කිරීම ආදිය සිදු කරන්නේ කෙබඳු ආකාරයකින්ද යන්න පිළිබඳව පුහුණුව නිරන්තරයෙන්ම ලබා දෙන බව එදිරිසිංහ මහතා කියා සිටියේය.

එසේම විදේශ වෙළඳපළට අවශ්‍ය පරිදි ධීවරයින්ට අවශ්‍ය තත්ත්ව සහතික නාරා ආයතනය මගින් ලබා දීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි ඒ මහතා පැවසූවේ.

මේ අතර විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳව පාඨාමාලාවක්ද පවත්වාගෙන යන බව පැවසූ එදිරිසිංහ මහතා සඳහන් කළේ විසිතුරු මසුන් ඇති කිරීමේ පුහුණුවට අමතරව රුපියල් ලක්ෂ දෙකක් වටිනා උපකරණද සපයා දෙන බවයි.

සුරතල් මසුන් ඇතිකිරීමේ ක්‍රමවේදය උගන්වන සහතික පතක්ද මෙහිදී ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.