සවස 2.00න් පසුව වැසි

Report
1Shares

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, සබරගමුව, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. (75-100) පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.