වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් 2ක් අත්අඩංගුවට

Report
1Shares

මාදම්පේ පොලිස් වසමේ සුදුවැල්ල ප්‍රදේශයේ දී ආගමන විගමණ නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 22 හා 47 වයස්වල අය වන අතර පෑස්සුම් වැඩපළක රැකියාවක නිරතව සිට ඇති බවට වාර්තා වෙයි.

සැකකරුවන් අද(09) හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.