පූජිත් සහ හේමසිරි රිමාන්ඩ් කිරීමට නියෝග

Report
1Shares

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදුන් ඇප නියෝගය කොළඹ මහාධිකරණය විසින් නිශ්ප්‍රභා කරනු ලැබීය.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි විනිසුරුවරයා නියෝග කරනු ලැබුවේ.