සර්ප විෂට බෙහෙත් කරන වෙද හාමුදුරුවෝ

Report
3Shares

"සර්පයන්" යන වචනය ඇසීමට පවා අපි බියක්‌ දක්‌වමු. මෙයට හේතුව සර්පයින් දෂ්ඨ කළ විට ශරීරය තුළට විෂ පැමිනීමත් එම විෂ ශරීරගත වූ විට සුව කිරීමට අපහසු බවට පවතින මතයත්ය.

ශ්‍රී ලංකාව සර්පයන් සඳහා ආගන්තුක භූමියක්‌ නොවුවද බොහෝ පුද්ගලයන්ට තමන්ට දෂ්ඨ කළ සර්පයා හඳුනා ගැනීමට නිසි පරිදි නොහැකි වීමත් බොහෝ විට දෂ්ඨ කල සර්පයා වහා ඉවතට ඇදී යාමත් බරපතල ගැටළුවක්‌ බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල එකම සර්පයාට විවිධ නම් භාවිතා වන අතර තවමත් සර්පයකු දෂ්ඨ කළ විට දේශිය වෛද්‍ය ක්‍රමයේ පිහිට පැතීමට බොහෝ දෙනෙකු උනන්දු වන බව පෙනේ.

කෙසේනමුත් සර්පයන් දෂ්ට කිරීමෙන් ලොව පුරා සිදුවෙන මරණ අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක් වාර්තාවන රටක් ලෙස ශ්‍රී ලංකාවත් නම් කරනු ලැබ තිබේ.

ලොව පුරා මාරක සර්ප දෂ්ට කිරීම් සම්බන්ධයෙන් ලැබෙන වාර්තාවලින් 70%ක්ම සිදුවන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය සහ පාකිස්ථානයේ බව සර්ප ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරුණ සමීක්ෂණවලින් හෙළිවී ඇත.

මේඅතර සර්පයින් දෂ්ට කළ රෝගීන්ට ප්‍රතිකාර කරන විහාරස්ථානයක් ලෙස මහර ශ්‍රී සෛලාසන්ණාරාමය පෞරාණික විහරස්ථානය විශාල ප්‍රසිද්ධියක් උසුලනු ලබයි.

එහිදී සර්ප විෂට වෙදකම් කිරීම සම්බන්ධව නොදන්නා තතු රැසක් ගැන එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මාකුඹුරේ පියනන්ද ස්වාමින් වහන්සේගෙන් ගගන මාධ්‍යවේදීන් අසා දැන ගත්තේ මේ අයුරිනුයි.