වන ඇතින්නියන් මියයාමට හේතුව අනාවරණය වෙයි

Report
3Shares

හබරණ-හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේදී වන ඇතින්නියන් 6 දෙනෙකු සහ වන අලියෙකු මියගොස් ඇත්තේ විෂ ශරීර ගතවීමකින් බවට අනාවරණය වී ඇත.

වනජීවී අධ්‍යක්ෂක ජනරාල් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේ වනජීවී දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධියට අදාළව සොයාබැලීමට පත් කළ කමිටුව ලබා දී ඇති වාර්තාව මගින් මෙම කරුණු හෙළිදරව් වී ඇති බවයි.

කුමන විෂ වර්ගයක් ශරීර ගත වී ඇත්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම විෂ වර්ගය පිළිබඳව සොයාබැලීමට එම වාර්තාව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

පසුගියදා හබරණ ප්‍රදේශයේ වන අලි 7 දෙනෙකු මිය ගොස් තිබූ අතර හබරණ, හිරිවඩුන්න වැව් රක්ෂිත ප්‍රදේශයේ හා තුම්බිකුලම රක්ෂිතයට ආසන්නව අස්වාභාවික අයුරින් වන අලි මිය ගොස් තිබුනි.