ගෝටාට සහාය දීමට ශ්‍රීලනිපයෙන් කොන්දේසි | VIDEO

Report
2Shares

ජනාධිපතිවරනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට සහාය දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොන්දේසි පනවා තිබේ.

ඉහල මණ්ඩල වල දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ පක්ෂය “යම් යම් කොන්දේසි සහිතව” ගෝඨාභය රාජපක්ෂගේ වෙනුවෙන් කටයුතු කිරීමට පියවර ගත් බව ශ්‍රීලනිප උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා කොළඹ ඩාලි පාරේදී 9 බදාදා මාධ්‍යවේදීන් හා ප්‍රකාශ කළේය.

එම සහාය පොදුජන පෙරමුණට දෙන සහයක් නොවන බව අවධාරණය කළ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ නායකයා ඉදිරි මැතිවරණ වලදී පුටුව ලකුණින් තරග වදින සන්ධානයක් පිහිටුවීම ඇතුළු අවබෝධතා ගිවිසුම් දෙකකට එළැඹි බවත් හෙළිදරව් කළේය.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ දෙමළ හා මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් පියවර ගැනීමේදී ශ්‍රීලනිපය සමග සාකච්ඡා කිරීම ඇතුළු කොන්දේසි අනුව සකස් කරන ලද ප්‍රතිපත්ති මාලාවට ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වීමේ පදනම අනුව අවබෝධතා ගිවිසුමට එළැඹි බවයි.