සිවාජිලිංගම් ජනපති තරගයෙන් අස් වෙන්න ලෑස්තියි | VIDEO

Report
7Shares

මෙවර ජනාධිපතිවරණයට තරග වදින ප්‍රධාන සිංහල අපේක්ෂකයන් සමග සාකච්ඡාවකින් අනතුරුව තරගයෙන් ඉවත්වීමට දෙමළ ඉල්ලීම් වෙනුවෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂක එම් කේ සිවාජිලිංගම් කැමැත්ත පළකර තිබේ.

ඒ සඳහා දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නය ඇතුළු මෙතෙක් නොවිසඳුණු ගැටළු සම්බන්ධයෙන් ලබාදෙන විසඳුම ගැන සහතිකයක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉල්ලා සිටී.

“ස්ථිර විසඳුම පස්සේ බලමු. තාවකාලිකව හරි මොනවද දෙන්නේ කියලා කීවොත්, අපි ඉල්ලා අස්වෙනවා,” යි එම් කේ සිවාජිලිංගම් යාපනයේදී මාධ්‍යවේදීන් අමතා කියා සිටියේය.

ඔහු යෝජනා කරන පරිදි දෙමළ ජනතා අයිතිවාසිකම් සුරැකෙන සහතිකය ලබා දිය යුත්තේ යාපනය සරසවි සිසුන්, උගතුන් හා බුද්ධිමතුන් සමග ජාත්‍යන්තර නියෝජිතයන් හමුවේය.

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ මුදලට යැයි කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කළ එම් කේ සිවාජිලිංගම් එසේනම් ඉල්ලා අස් වීමට හැකියාවක් නැතැයි තර්ක කළේය.

“සල්ලි ගත්තොත් ඉල්ලා අස් වෙන්න බෑ. සල්ලි දුන්න කෙනා මාව මරන්න එනවනේ.”