රාජ්‍ය දේපළ අවභාවිතය ඉහළ යන ලකුණු-කැෆේ

Report
1Shares

ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයේ පසුගිය සතිය සලකා බැලූ විට රාජ්‍ය දේපළ අයථා පරිහරණය කිරීමේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව කැෆේ සංවිධානය පවසයි.

එම සංවිධානයේ වැඩ බලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දෙන්නේ පළාත් පාලන ආයතනවල වාහන සහ දේපළ මෙන්ම අමාත්‍යංශ වලට අයත් වාහන සහ දේපළ මෙලෙස මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදවා ඇති බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවයි.

මෙම තත්ත්වය වළක්වා ගැනීමට එම අපේක්ෂකයින් සහ , ඒ ඒ පළාත් පාලන ආයතන වල ප්‍රධානීන් සහ අමාත්‍යංශ ලේකම් වරුන් වහා කටයුතු කළ යුතුව ඇති බවද මකීන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

කළුතර වලල්ලාවිට ප්‍රාදේශිය සභාවට අයත් කැබ් රථයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පෝස්ටර් තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවත් මාතලේ දිස්ත්‍රික්කයේද අමාත්‍යංශ කිහිපයකට අයත් කැබ් රථ මැතිවරණ ව්‍යාපාරයේ නියැලෙන බවට තොරතුරු ලැබී අති බවත් අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට මේ දක්වා කැෆේ සංවිධානය වෙත පැමිණිලි 131ක් ලැබී ඇති අතර ඒවා අතරින් බහුතරය ප්‍රචාරණ සිදුවීම් වේ.